රිය අනතුරකින් 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

රිය අනතුරකින් 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

February 21, 2026   07:09 am

මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

අනතුර සිදුවී තිබුණේ  ඊයේ (20) දහවල් කාලයේදී ඇත්ගාල පොලිස් වසමේ ගම්පොල නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්‍රදේශයේදීය.

එම අනතුරින් යතුරුපැදිකාරිය, දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මෙලෙස මියගොස් ඇත. 

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.