අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
February 21, 2026 07:11 pm
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හමුදාවෙන් පළා ආ අයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී-56 වර්ගයේ තුවක්කුවෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ ද මෙම සැකකරු බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබේ.
කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.
