ශ්රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්
February 22, 2026 04:49 pm
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස්කිරිමට සමත් විය.
එංගලන්ත ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 40කින් ලකුණු 62ක් රැස්කළ අතර, එම ඉනිමට හයේ 2ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතරව වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් දවාගත්තේය. ඔහු ආරම්භක පිතිකරුවන් වූ පිල් සෝල්ට් (62), ජොෂ් බට්ලර් (7) මෙන්ම නායක හැරී බෘෘක් (14) දවාගැනීමට සමත් විය.
ඊට අමතරව ඩිල්ෂාන් මධුසංක (2/25) හා මහීෂ් තීක්ෂණ (2/21) කඩුලු 2 බැගින් දවාගත්තේය.
