කොදෙව්වන්ගෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්
February 26, 2026 04:48 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) දහවල් පැවැත්වෙන බ.ඉ. කොදෙව් - දකුණු අප්‍රිකා තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව්වන් පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 176ක් රැස්කිරීමට සමත් විය.
මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ මූලික වටයේ සිට මේ දක්වා ක්‍රීඩාකළ සියලුම තරග ජයගෙන අපරාජිතව සිටී.
කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වුවත්, තරගයේ 3(2.2)වන පන්දුවාරයේදී ඔවුන්ගේ කඩුලු 2ක් බිඳැවැටීමත් සමග ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණ දුන්නේය.
තරගයේ 11(10.2)වන පන්දුවාරයේ දී ලකුණු 83කට කඩුලු 7ක් බිඳවැටෙන තරමට කොදෙව්වන් අසරණ වී තිබුණි.
කෙසේ නමුත් 8වන කඩුල්ලට ජේසන් හෝල්ඩර් හා රොමාරියෝ ෂෙෆර්ඩ් පන්දු 57කින් ලකුණු 89ක් රැස්කර තරගකාරී ලකුණු පුවරුවක් කරා කොදෙව් ඉනිම රැගෙන ආවේය.
මෙම සබඳතාව ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ 8වන කඩුල්ලට වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
ඔවුන් දෙදෙනා බිඳහෙලනු ලැබුවේ 2015 වසරේ දී ස්කොට්ලන්ත යුගළයක් වූ පී.එල්. මොම්සන්, එස්.එම්. ෂරීෆ් විසින් පිහිටුවා තිබූ ලකුණු 80ක සබඳතාවයේ ලෝක වාර්තාවයි.
