ඉරානය ඊශ්‍රායලයටත් ප්‍රතිප්‍රහාර එල්ලකිරීම අරඹයි
February 28, 2026 02:04 pm
ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) මීට සුළු වේලාවකට පෙර තහවුරු කළේය.
උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ මිසයිල ප්‍රහාර ඉරානයේ සිට පැමිණි බව හඳුනාගත් බවය. කෙසේ නමුත් එම ප්රහාරයන් වැළැක්වීමට කටයුතු කළ බවත් ඔවුන් පවසා තිබේ.
එමෙන්ම එරට වැසියන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පූර්වාරක්ෂක නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර, වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසටත් මහජනතාවට උපදෙස් දී ඇත.
ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකළ කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර පිපිරීම් තුනක් සිදුවී ඇති බවය.
