මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක් 

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක් 

February 28, 2026   05:17 pm

UPDATE : 06. 15 මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

එම දුරකතන අංක පහතින්,

WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989

-----------------------------------

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණයෙන් කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

එම රටවල තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලාංකීකයන් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී ඇති අතර ඒ අනුව කටයුතු කරන ලෙසට එම අමාත්‍යංශය ඉල්ලා සිටියි. 

බහරේන්හි ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකට ප්‍රහාරයක් එල්ල කෙරුණ ද ඉන් කිසිවෙකුවටත් අනතුරක් සිදුව නොමැති බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර හදිසි අවශ්‍යතා ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාවට දැනුම්දීමට අවශ්‍ය හදිසි දුරකතන අංකය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.