ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යවයි - කණ්ඩායමේ වෙනස්කම් දෙකක්
February 28, 2026 06:40 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර කුසල් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත වෙනුවට කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ක්‍රීඩා කරනු ඇත.
