අවලංගු වූ ශ්‍රීලංකන් ගුවන් ගමන් ගැන දැනුම්දීමක්
March 1, 2026 01:37 pm
මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව UL231 කොළඹ - ඩුබායි, UL232 ඩුබායි - කොළඹ, UL225 කොළඹ - ඩුබායි, UL226 ඩුබායි - කොළඹ, UL217 කොළඹ - දෝහා, UL218 දෝහා - කොළඹ, UL253 කොළඹ - දම්මාම්, UL254 දම්මාම් - කොළඹ, UL265 කොළඹ - රියාද්, UL266 රියාද් - කොළඹ, UL229 කොළඹ - කුවේට් සහ UL230 කුවේට් - කොළඹ යන ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටින් පිටත් වන සහ මෙරටට පැමිණෙන ගුවන් ගමන් 54 අවලංගු කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු කර ඇත.
මෙරටින් පිටත්ව යාමට සැලැසුම් කර තිබූ ගමන් වාර 26ක් අවලංගු කිරීමට කටයුතු කළ බව ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.



