පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම
March 2, 2026 07:59 am
ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේදී පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා පවසා ඇත්තේ ඔපරේෂන් එපික් ෆයුරි හී පළමු පැය 24 තුළ මෙම ප්‍රහාර එල්ල කිරීම සඳහා රහසිගත බෝම්බ හෙලන යානා, ඩ්‍රෝන යානා, ප්‍රහාරක ජෙට් යානා සහ මිසයිල නාශක පද්ධති ඇතුළත් වූ බවය.
ඉරානයට එල්ල කළ මෙම ප්රහාරයන් සඳහා ඉරානයේ අණ සහ පාලන මධ්‍යස්ථාන, බැලැස්ටික මිසයිල ස්ථාන සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඒකාබද්ධ මූලස්ථානයද ඇතුළත් වූ බවද ඔහු පවසා තිබේ.
