අමෙරිකාව සමඟ සාකච්ඡා ආරම්භ කළේ නැහැ - ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය
March 2, 2026 11:53 am
ඉරානය, අමෙරිකාව සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට උත්සාහ කරන බවට ලද ප්‍රකාශ අසත්‍ය බව එරට උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි පවසයි.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරානය එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවල නිරත නොවන බවය.
ඉරානය සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කළ බව සඳහන් වේ.
ඊට ප්‍රතිචාරයක් ලෙස අලි ලරිජානි විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.
