කුවේටයේදී ජෙට් යානයක් කඩා වැටෙයි
March 2, 2026 01:41 pm
UPDATE - 1.50 P.M
කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ අද (02) දිනයේ දී අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයක්ම තම රට තුළට කඩා වැටී ඇති බවය.
--------------------------------
කුවේට් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතරවාරයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.
අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, යානයේ එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.
එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩබැස ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහුව ආරක්ෂිතව බෙරාගෙන ඇති බව වාර්තා වේ.
නමුත් එම කඩා වැටුණු යානයේ සිටි අවි පද්ධති ක්‍රියාකරුගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද සඳහන්.
මෙම යානය කඩා වැටීමට හේතුව ඉරාන මිසයිල ප්‍රහාරයක්ද, නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.
අමෙරිකා - ඊශ්‍රායට ඒකාබද්ධව ඉරාණයට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව මේ වන විට අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා සිටින බව අමෙරිකානු ආරක්ෂක අංශ විසින් නිවේදනය කර තිබුණි.
