ඉරාන ප්‍රහාරක යානා දෙකක් කටාර් හමුදාව බිම හෙළයි
March 2, 2026 10:08 pm
ඉරානයේ සිට පැමිණි SU24 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් බිම හෙළීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මීට අමතරව, අද දිනයේ කටාර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ බැලස්ටික් මිසයිල 7ක් සහ ඩ්‍රෝන යානා 5ක් ද විනාශ කිරීමට කටාර් හමුදාව හැකි වූ බව වාර්තා වේ.
ඉරානය විසින් එල්ල කරන ලද සියලුම මිසයිල ඒවායේ ඉලක්ක කරා ළඟා වීමට පෙර බිම හෙළීමට හැකි වූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
