රටේ කටයුතු අඩපණ වී නෑ- ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්
March 3, 2026 07:14 pm
තම රටට එරෙහිව යුද්ධය උත්සන්න වෙමින් පැවතියද, රජයේ සියලුම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් 'Pezeshkian' පවසයි.
රට පුරා පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යයන් අඛණ්ඩව සිදුවන බව ඔහු අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
'X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, වත්මන් තත්ත්වය හමුවේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය නායකත්වය අතර සමීප සම්බන්ධතාවයක් පවතින බවය.
ප්‍රහාර එල්ල වෙමින් පවතින පසුබිමක වුවද, රට පුරා දෛනික ජන ජීවිතයට අදාළ කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික කර ඇති බව සඳහන් වේ.
