මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
March 7, 2026 08:45 pm
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකුට නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම බහුධින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවත් නාවික හමුදාව සඳහන් කළේය.
