ඉරානයට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක්
March 7, 2026 09:01 pm
ඉරානයට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බොහෝ පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් සටන් පාඨ කියමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතවන බව සඳහන් වේ.
කෙසේවෙතත් මෙහි සංවිධායකයන් පවසන්නේ මෙය ඉරාන පාලන තන්ත්රයට සහය දැක්වීම සඳහා පවත්වන විරෝධතාවක් නොවන බවය.
