ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක්

ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක්

March 8, 2026   01:51 am

ඉරානයේ පිහිටි ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනුයේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව දකුණු ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

ටෙහෙරානය දෙසට ප්‍රහාර රැල්ලක් ආරම්භ කළ බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා කෙටි වේලාවකින් මෙම ප්‍රහාර එල්ල වී ඇතැයිද වාර්තා වේ.