ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කල්යයි
March 9, 2026 09:54 am
කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මැදපෙරදිග වර්ධනය වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී එළඹෙන මාර්තු 25 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
