ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට
March 10, 2026 10:09 pm
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.
මෙම මිල සංශෝධනය සිදුකකරනු ලැබුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සහ සිදුකළ හැකි අවම මිල සංශෝධන සැලසුම් සලකා බැලීමෙන් පසුව මාස 18කට පසු බව සඳහන් වේ.

