ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන බළධාරීන්ට භාරදෙන ලෙස නියෝග
March 11, 2026 10:53 am
දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්රධාන මහෙස්ත්රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්යක්ෂකවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග කර තිබේ.
ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
