ඉන්ඩිගෝ ගුවන් සේවයේ ප්රධානියා ඉල්ලා අස්වෙයි
March 11, 2026 12:23 pm
ඉන්දියාවේ විශාලතම ගුවන්සේවය වන ඉන්ඩිගෝ හි ප්රධාන විධායක නිලධාරීවරයා හදිසියේම ධුරයෙන් ඉවත් වී ඇති බව සඳහන් වෙයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී එම ගුවන් සේවය මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයට ප්රධාන හේතුව වී තිබේ.
නියමිත පරිදි ගුවන් නියමුවන් කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා පසුගිය දෙසැම්බර් මාසයේදී ගුවන් ගමන් 4,500ක් අවලංගු කිරීමට සමාගමට සිදු වී ඇති අතර මෙය ඉන්ඩිගෝ ඉතිහාසයේ දරුණුතම අර්බුදය බව සඳහන් වෙයි.
මෙම අත්වැරැද්ද සහ නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම හේතුවෙන් ඉන්දීය ගුවන් සේවා බලධාරීන් විසින් ඉන්ඩිගෝ සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක දඩයක් පැනවීය.
මේ අතර ගුවන් ගමන් අවලංගු වීම සහ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් කලාප වසා දැමීම නිසා ඉන්ඩිගෝ සමාගමේ කොටස් අගය මේ වසරේ 13.5%කින් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
