එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණාත්මක ඡන්ද විමසීම අද

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණාත්මක ඡන්ද විමසීම අද

March 11, 2026   01:10 pm

ඉරානය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද (11) තීරණාත්මක ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී වර්තමාන යුද තත්ත්වය පාලනය කිරීම සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය අද සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙහිදී ගල්ෆ් රටවල යෝජනාව ලෙස ඉරානය විසින් තමන්ට සහ ජෝර්දානයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව සඳහන් වෙයි.

මීට අමතරව, ලෝක වෙළඳාමට ඉතා වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට බාධා නොකරන ලෙස ද ඉරානයට බල කරනු ලබයි.

මෙම යෝජනාවට බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 90කට වැඩි ප්‍රමාණයක සහයෝගය ලැබී ඇත.

මේ අතර, ඉරානයේ මිතුරෙකු වන රුසියාව මීට වෙනස් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එහිදී ඉරානය හෝ ඊශ්‍රායලය යන රටවල නම් සඳහන් නොකර, සිවිල් වැසියන්ට එල්ල වන සියලුම ප්‍රහාර හෙළා දැකීමටත්, වහාම සටන් නවත්වා සාකච්ඡා ආරම්භ කිරීමටත් යෝජනා කර ඇත.