ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් බලශක්ති ඇමතිට ලිපියක්
March 11, 2026 01:40 pm
දැනට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ සඳහන් වන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය හමුවේ සේවකයන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කර ඇති බවය.
එවැනි වටපිටාවක සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ලංවිම සේවකයන් අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමට මේ වන විට සූදානම් වන බවද එම සංගමය පෙන්වා දෙයි.
තවද සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම සඳහා දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් සහ සාකච්ඡා අසාර්ථක වූ හේතුවෙන් පසුගිය සඳුදා (9) පස්වරු 3.00 සිට වෘත්තීය සමිති 25ක එකමුතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවූ බවද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව, වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන් අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ ඊයේ (10) සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡා යම් සාධනීය තත්ත්වයකින් අවසන් වූ අතර, එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණ ලබාදීමට අනුප්‍රාප්තික සමාගම් හතරක සභාපතිවරු එකඟ වී ඇති බවද එහි දැක්වේ.
අදාළ සම්පූර්ණ ලිපිය පහතින්,
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් බලශක්ති ඇමතිට ලිපියක් by poornima
