මැදපෙරදිග යුද්ධය අවම වශයෙන් තවත් සති තුනක්
March 15, 2026 06:58 pm
ඊශ්‍රායලයේ එකම අරමුණ 'ඉරාන පාලනය දැඩි ලෙස දුර්වල කිරීම' බවත්, ඒ හේතුවෙන් ඉරානයට එරෙහි මෙහෙයුම් අවම වශයෙන් තවත් සති තුනක්වත් පැවතිය හැකි බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් විදෙස් මාධ්‍යවෙත පවසා ඇත්තේ, ඉරානයේ හඳුනාගත් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බවය.
"අපට ඉරානයේ ඉලක්ක දහස් ගණනක් ඉතිරිව තිබෙනවා. එනිසා අවම වශයෙන් තවත් සති තුනක් හෝ ඊටත් වඩා ප්‍රහාර එල්ලවිය හැකියි" යනුවෙන් පැවසීය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට අනුව පෙබරවාරි 28 වනදා ඉරානට එරෙහි මෙහෙයුම ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයේ ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර එල්ලකර තිබේ.
මෙහිදී හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, තම හමුදා නිශ්චික කාලසීමාවක් හෝ කාලසටහනකට අනුව කටයුතු නොකර බවත්, ඉලක්ක සපුරා ගන්නා තෙක් ප්‍රහාර එල්ලකරන බවත්ය.
