ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට
March 15, 2026 07:52 pm
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වයත් සමඟ මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් 850 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මාර්තු 2 වනදා සිට ක්‍රියාත්මක වූ යුදමය තත්ත්වය තුළ බව විදෙස් මාධ්‍ය පවසයි.
හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරගනිමින් මෙම දැවැන්ත ප්‍රහාර මාලාව ආරම්භ කරන ලදී.
