ඉරානය හුදකලා වෙලා අදට දින 16ක්
March 15, 2026 08:33 pm
ඉරාන රජය විසින් එරට පුරා පනවා ඇති අන්තර්ජාල තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අද (15) වන විට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට දින 16ක් ගතවී තිබේ.
අන්තර්ජාල නිරීක්ෂණ සේවාවක් වන Netblocks ආයතනය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, පසුගිය දින 16 පුරා ඉරානය තුළ කිසිදු බාහිර අන්තර්ජාල සබඳතාවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම දැඩි වාරණය හේතුවෙන් ඉරානය තුළ සිටින ජනතාව සම්බන්ධ කර ගැනීමට මාධ්‍යවේදීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත්, ඇතැම් පිරිස් මෙම බාධක මගහැර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ස්ටාර්ලින්ක් 'Starlink'චන්ද්‍රිකා තාක්ෂණ උපාංග භාවිත කරන බව වාර්තා වේ.
