යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 18, 2026   05:41 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (18) දින 19ක් ගතවී තිබේ.

------------------------

Update - 10.20PM

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවට ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

------------------------

Update - 8.00PM

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් 'Esmail Khatib'ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කර තිබේ.

-------------------------

Update - 7.41PM

ලොව විශාල ස්වාභාවික ගෑස් නිදිය ලෙසින් සැලකෙන 'South Pars/North Dome Gas-Condensate field' සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන 'South Pars' ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බවය

------------------------

Update - 7.37PM

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට නැවතත් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව සඳහන් වෙයි.

-----------------------

Update - 7.17PM

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල පිහිටි ප්‍රධාන තෙල් මධ්‍යස්ථාන පහක් අසල පදිංචිව සිටින ජනතාවට එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා තිබේ.

--------------------

Update - 7.01PM

ලොව විශාලතම ස්වභාවික වායු නිධියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------------
Update - 7.00PM

ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්වභාවික වායු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම කටාර් විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දැක තිබේ.

-----------------------------

Update - 6.47PM

ඉරානයේ ආරක්ෂක ප්‍රධානී ලාරිජානි ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් ඝාතනය කිරීම රුසියාව විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

-----------------------

Update - 6.17PM

ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------

Update - 6.07PM

ඉරානයේ බුෂෙහර් ප්‍රදේශයේ පිහිටි ගෑස් පහසුකම් පද්ධතියකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වෙයි.

-----------------------

Update - 5.32PM

ඉරානයේ ඇති ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිත සංකීර්ණයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

------------------------

Update - 4.22PM

ඊශ්‍රායලය විසින් ඊයේ (17) රාත්‍රියේ ඉරානයට එල්ලකළ ප්‍රහාරවලදී ඔවුන්ගේ බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කර තිබේ.

---------------------

Update - 4.12PM

ඉරානය සහ හිස්බුල්ලා යන දෙපාර්ශවයටම එරෙහිව එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය වරයා පවසා ඇති බව සඳහන් වෙයි.

---------------------

Update - 3.50PM

ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල තර්ජන හමුවේ තුර්කියේ දකුණු ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට නේටෝ සංවිධානය පියවර ගෙන තිබේ.

------------------------

Update - 3.15PM

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය වූයේ හිස්බුල්ලා සංවිධානයට මුදල් සපයන මධ්‍යස්ථාන සහ ඔවුන්ගේ මූල්‍ය ජාලය බවයි.

Update - 2.15PM

ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වෙයි.

මෙම ප්‍රහාරයෙන් අමාත්‍යවරයාට හානියක් සිදුවී ඇත්දැයි තවමත් ස්ථිරවම තහවුරු වී නොමැති බව ද විදෙස් වාර්තා පවසයි.

--------------------------

Update - 2.05PM

ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි අධිකරණ මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන අධිකරණ අංශ නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

-----------------------------

Update - 12.55PM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරානයේ ඉහළපෙළේ ආරක්ෂක ප්‍රධානීන් දෙදෙනෙකු වන ඉරානයේ ජාතික ආරක්ෂක අංශයේ ප්‍රධානි වන අලි ලරිජානි සහ ඉරානයේ 'බසිජ්' (Basij)අතුරු හමුදා බලකායේ ප්‍රධානි ගොලම්රේසා සුලෙයිමානි වෙනුවෙන් අද (18) අවමංගල්‍ය උත්සව පැවැත්වීමට ඉරානය සූදානම් වන බව සඳහන් වෙයි.

---------------------------

Update - 12.41PM

සෞදි අරාබියේ රියාද් නුවර තානාපති කාර්යාල පිහිටි ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් බිම හෙලා ඇති බව සෞදි ආරක්ෂක අංශ පවසයි.

---------------------------

Update - 12.13PM

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි තානාපති කාර්යාල සංකීර්ණය ඉලක්ක කරගෙන පැමිණි ඩ්‍රෝන යානයක් එරට ආරක්ෂක අංශ විසින් සාර්ථකව බිම හෙළා ඇති බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
--------------------------

Update - 11.36AM

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ අතර, ඊශ්‍රායලය පුරා මේ වන විට දැඩි ආරක්ෂක සංඥා (සයිරන්) නාද වෙමින් පවතින බවද සඳහන් වෙයි.

-------------------------

Update - 11.27AM

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බෙකා නිම්නයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

------------------------

Update - 11.23AM

ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි විශාල ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

----------------------------

Update - 11.13AM

ඊශ්‍රායලයේ මොසාඩ් (Mossad) ඔත්තු සේවයට තොරතුරු ලබාදුන් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ඉරානය විසින් එල්ලා මරා ඇති බව විදෙස් වාර්තා පවසයි.
-------------------------

Update - 10.55AM

ඊශ්‍රායලය ලෙබනනයේ නැගෙනහිර ප්‍රදේශයට දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------------------

Update - 9.35AM

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය.

ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි.

එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය මිලද ඩොලර් 1.18කින් එනම් 1.23% පහළ ගොස් ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.03ක් ලෙස වාර්තා වී ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-------------------------

Update - 8.15AM

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබූ බව කෙන්ට් පෙන්වා දී තිබේ.

-----------------------

Update - 7.00AM

මධ්‍යම බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හය දෙනෙකු පමණ මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

-----------------------

Update - 6.30 AM

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර ඇත.

-----------------------

Update - 5.45 AM

සෞදි අරාබියේ, අල්-ඛර්ජ් වෙත එල්ල කරනු ලැබූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට තම බළකා සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය 

මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ඇති බවද සවුදි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.

-------------------