වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරුකරන්න ඉදිරිපත් කළහැකි ලේඛන
March 18, 2026 05:07 pm
වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛන වලින් එකක් ඉදිරිපත් කරන ලෙසට ද දැනුම් දී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගනිමින් සිටියි.
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකල අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹී ඇති බැවින් වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා ඉහත සඳහන් ලේඛනයන් ඉදිරිපත් කළ හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
