අද සවස වනවිට ඉන්ධන QR කේතයට නව ලියාපදිංචිවීම් ලක්ෂ 5 ඉක්මවයි
March 19, 2026 07:11 pm
ඉන්ධන QR කේතය සඳහා අද (19) සවස 06:13 වනවිට නව ලියාපදිංචීම් සංඛ්‍යාව 503,236ක් ලෙස වාර්තා වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, අද සවස 06:00 වනවිට පද්ධතිය තුළ මුළු ලියාපදිංචි සංඛ්‍යාව 5,603,104ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම මාර්තු 15 දින 42,899ක්, මාර්තු 16 දින 337,068ක්, මාර්තු 17 දින 395,349ක් සහ මාර්තු 18 දින 301,463ක් ලෙස නව ලියාපදිංචීම් වාර්තා වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
