වර්ජනයකට සූදානම් වන බස් සංගම්
March 22, 2026 01:33 pm
අද (22) පස්වරු 5.00 වන විට නියමිත බස් ගාස්තු සංශෝධනය ප්රකාශයට පත් නොකළහොත් පස්වරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් පවසයි.
ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිය ද ඊට නිසි ප්රතිචාරයක් නොලැබූ බවට ඔවුහු චෝදනා කරති.
