ඉරානයට එරෙහි යුද්ධයට එකතු වන්නැයි  නෙතන්යාහුගෙන් ලෝක නායකයින්ට ඇරයුම්

ඉරානයට එරෙහි යුද්ධයට එකතු වන්නැයි නෙතන්යාහුගෙන් ලෝක නායකයින්ට ඇරයුම්

March 22, 2026   05:38 pm

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ආරම්භ කර ඇති යුද්ධය සඳහා පුළුල් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඒ අනුව එම යුද්ධය සඳහා එක්වන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෝක නායකයින්ගෙන් ඉල්ලා ඇත.

මේ වන විටත් ඇතැම් රටවල් එම ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් පවතින බව ඉරාන මිසයිල ප්‍රහාරයට ලක්වූ ඊශ්‍රායලයේ අරාබ් ප්‍රදේශයේ සිට ප්‍රකාශයක් සිදුකරමින් නෙතන්යාහු මේ බව සඳහන් කර තිබේ.

ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඔවුන්ට යුරෝපය දක්වා ඉලක්ක කළ හැකි දිගු දුර අවි පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.