දසුන් ශානක රාජස්ථානයට - නිල නිවේදනයකුත් නිකුත් වෙයි 

දසුන් ශානක රාජස්ථානයට - නිල නිවේදනයකුත් නිකුත් වෙයි 

March 23, 2026   06:33 pm

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබේ.

ඒ, ආබාධයකයකට ලක්ව සිටින සෑම් කරන්ගේ ආදේශකයක් ලෙසිනි.

සෑම් කරන්ගේ අහිමිවීම කණ්ඩායමට විශාල පාඩුවක් බව එහි අධ්‍යක්ෂ කුමාර සංගක්කාර සඳහන් කර ඇත.

කණ්ඩායමේ සමබරතාවය රැකගැනීමේ අරමුණින් දසුන් ශානක කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.