අමෙරිකාව ඉවත් වුවත් ඉරානයට එරෙහි යුද්ධය නතර නොකළ යුතුයි - ඊශ්‍රායල විපක්ෂය නායක
March 23, 2026 10:38 pm
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී තිබුණද, ඉරාන පාලන තන්ත්රය මුළුමනින්ම පෙරළා දමන තෙක් යුද්ධය නතර නොකළ යුතු බව ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් අවධාරණය කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර දින පහකට අත්හිටුවීමට ගත් තීරණය හමුවේ ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු ඊශ්‍රායල රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ ආරක්ෂක තර්ජන පවතින මොහොතක රජය අභ්‍යන්තර නීති සම්පාදනයන් පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවය.
ඉරානය විසින් ඊශ්‍රායලයට සහ අමෙරිකානු කඳවුරු පවතින ජෝර්දානය, ඉරාකය වැනි රටවලට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළට සහ ගුවන් ගමන් වලට මේ වන විටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
