නෙතන්යාහුගෙන් ප්‍රකාශයක් - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 24, 2026 06:24 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (24) දින 25ක් ගතවී ඇත.
Update 6.17PM
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස මොහොමඩ් බාගර් සොල්ගාඩර් පත් කර ඇති බව ඉරාන ජනාධිපති කාර්යාලය තහවුරු කර තිබේ.
-----------------------
Update 5.36PM
බංග්ලාදේශය සිය ගුවන් යානා ඉන්ධන මිල 79% කින් ඉහළ නංවා තිබේ.
------------------------
Update 5.17PM
අමෙරිකාවේ අරමුණු සමඟ යම් යම් එකඟ නොවීම් තිබුණද, ඉරානයට සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව නෙතන්යාහු අවධාරණය කරයි.
----------------------
Update 4.50PM
දකුණු ලෙබනනයේ ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ප්‍රබල ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
---------------------
Update 4.36PM
පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ දක්වා ඉරානයෙන් කටාර් රාජ්‍යය වෙත මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී නොමැති බව එරට මාධ්‍ය ප්‍රකාශක අල්-අන්සාරි ප්‍රකාශ කර තිබේ.
---------------------
Update 4.27PM
ලෙබනන් රජය විසින් එරට සිටින ඉරාන තානාපතිවරයා එළඹෙන ඉරිදා දිනයට පෙර ලෙබනනයෙන් පිටව යන ලෙස දන්වා ඇත.
---------------------
Update 3.48PM
උතුරු ඊශ්‍රායලයේ කිරියාත් ෂ්මෝනා (Kiryat Shmona) නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල හදිසි අනතුරු ඇඟවීමේ නලා ශබ්ද වී තිබේ.
හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
---------------------
Update 3.34PM
ඉරාකයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් PMF (Popular Mobilisation Forces) සන්නද්ධ කණ්ඩායමේ සටන්කාමීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
------------------
Update 3.11PM
ඉරාකයේ කුර්දි (Kurdish) ස්වයං පාලන කලාපයේ සිටින සන්නද්ධ හමුදාවන්ට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වෙයි.
මෙයින් සටන්කාමීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
--------------------
Update 2.45PM
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයට එරෙහිව තර්ජනය කර ඇත්තේ ලෙබනනයේ සහ ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය සිදුකරන ප්‍රහාර වහාම නතර කළ යුතු බවටය.
ඊශ්‍රායලය දිගින් දිගටම සිවිල් වැසියන් ඉලක්ක කළහොත්, කිසිදු සීමාවකින් තොරව ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් අනතුරු අඟවයි.
-----------------------
Update 2.30PM
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් දින 25ක් පුරා ඉරානය පුරා අන්තර්ජාල තහනම පනවා ඇති අතර එය පැය 576කට වඩා වැඩි කාලයකි.
----------------------
Update 1.30PM
ඉරානයේ ඉස්ෆහාන් (Isfahan) නගරයේ පිහිටි ගෑස් පරිපාලන ගොඩනැගිල්ලකට සහ ගෑස් පීඩනය පාලනය කරන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල වී ඇත.
-------------------------
Update 1.05PM
ඉරාකයේ අන්බාර් (Anbar) ප්‍රදේශයේ පිහිටි ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
--------------------
Update 12.15PM
ඉරානයේ නේවාසික ප්‍රදේශයකට අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇත.
----------------------
Update 12.14PM
දකුණු ලෙබනනයේ ජීවත් වන වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
--------------------
Update 12.07PM
ඊශ්‍රායල හමුදා කඳවුරු, රේඩාර් මධ්‍යස්ථාන, කාලතුවක්කු ස්ථාන සහ හමුදා භටයන් රැඳී සිටි ස්ථාන 5ක් ඉලක්ක කර හිස්බුල්ලා සංවිධානය විසින් ප්‍රහාර එල්ල කර තිබේ.
----------------------
Update 11.41AM
ලෙබනනයේ අගනුවර වන බීරූට් නුවරට ඊයේ ඉරාන හමුදා නිලධාරීන් ඉලක්ක කර ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එල්ල වූ ඉලක්කගත ප්‍රහාර දෙකකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
------------------------
Update 11.36AM
ඉරානය විසින් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව ඊශ්‍රායලයේ මධ්‍යම ප්‍රදේශයටත්, හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ප්‍රදේශයටත් ප්‍රහාර එල්ල කර තිබේ.
------------------------
Update 11.00AM
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවරින් ඉතා ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් ඇසී තිබේ.
ටෙහෙරානයට අමතරව තබ්‍රීස් (Tabriz), ඉස්ෆහාන් (Isfahan) සහ කරාජ් (Karaj) යන නගරවල ද ප්‍රබල පිපිරීම් සිදුව තිබේ.
---------------------------
Update 10.42AM
ලෙබනනයේ අගනුවර වන බීරූට් නුවරට දකුණින් පිහිටි බෙචාමූන් (Bechamoun) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-------------------------
Update 10.11AM
ඊශ්‍රායලය දෙසට එල්ල වූ නවතම මිසයිල ප්‍රහාරය, මධ්‍යම ඊශ්‍රායලයේ ජනශූන්‍ය විවෘත ප්‍රදේශයකට පතිත වී ඇති අතර ඉන් කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
--------------------------
Update 9.45AM
ඉරානයෙන් එල්ල වන නව මිසයිල ප්‍රහාර හඳුනා ගැනීමත් සමඟ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බව එරට හමුදාව ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
හමුදාව විසින් මහජනයාට උපදෙස් දී ඇත්තේ වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, නැවත දැනුම් දෙන තුරු එහි රැඳී සිටින ලෙසත් ය.
---------------------
Update 9.00AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බවට කළ ප්‍රකාශය ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ අවිනිශ්චිතතාවය හමුවේ, අද (24) දිනයේත් බ්‍රෙන්ට් බොරතෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 2.9කින් ඉහළ ගොස් ඩොලර් 102.84ක් ලෙස සටහන් වූ අතර, WTI මිල සියයට 3.5කින් ඉහළ ගොස් ඩොලර් 91.20ක් දක්වා වාර්තා වී තිබේ.
----------------------
Update 8.00AM
ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට තවත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් හමුදාව ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
------------------
Update 7.45AM
ඉරාකයේ Anbar කලාපයේ පිහිටි, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක මූලස්ථානය ඉලක්ක කරගනිමින් අමෙරිකාව තවත් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම කණ්ඩායමේ නායක සාද් දුවායි (Saad Dawai) වන බව සඳහන්.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔවුන් එම මූලස්ථානය තුළ රැස්වීමක් පවත්වමින් සිටි බව වාර්තා වේ.
-------------------------
Update 7.15AM
ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව තිබේ.
ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසය.
මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.
නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමක් කර ඇත.
නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, රථවාහන ගමනාගමනය ද සීමා කර තිබේ.
-----------------------
Update 6.50AM
මාසයකට අඩු කාලයකදී අමෙරිකාවේ පෙට්‍රල් මිල සියයට 75කින් පමණ ඉහළ යාමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු බව අමෙරිකානු සෙනෙට් සභාවේ සුළුතර පක්ෂ නායක චක් ෂූමර් පවසයි.
------------------------
Update 6.45AM
ඉරාන ප්‍රහාර හේතුවෙන් සම්ප්‍රේෂණ මාර්ගවලට හානි වීමෙන් කුවේටයේ විදුලිය ඇනහිටීම් වාර්තා වී ඇත.
----------------------
Update 6.40AM
ඉරානයට එරෙහිව අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය දියත් කරන යුද්ධයේ බලපෑම, 2022 වසරේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයේ බලපෑම අභිබවා යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
-----------------------
Update 6.30AM
ඉරාකයේ බටහිර Anbar පළාතේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අන්බාර් පළාතේ එම සංවිධානයේ අණදෙන නිලධාරියා වූ සාද් දුවායි අල්-බයිජි ද මියගිය පිරිස අතර සිටින බවය.
