කිලෝ 3ක මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මාලඹේ දී කොටුවෙයි
March 24, 2026 01:01 pm
මාලඹේ ප්‍රදේශයේ දී හෙරොයින්, අයිස් සහ කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත මාලඹේ, කහන්තොට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 728ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 171ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 497ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි කළුතර, කැකුණගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
