රජයේ වාහනවලින් තෙල් ලීටර් මිලියන 110ක් ඉතිරි කරන හැටි
March 24, 2026 02:41 pm
රාජ්‍ය අංශයේ වාහන භාවිතයෙන් ඉන්ධන ඉතිරි කර ගැනීම සිදුකළ යුතු ආකාරය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් නිකුත්කළ මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.
දැනට රාජ්‍ය අංශය සතුව ධාවන තත්ත්වයේ වාහන 92,000ක් පවතින බවත්, ඒ එක් එක් වාහනයකින් දිනකට අවම වශයෙන් ඉන්ධන ලීටරයක් ඉතිරි කරගත හැකි නම්, සමස්ත වශයෙන් දිනකට ලීටර් 92,000ක් ඉතිරි කරගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පෙන්වා දී ඇත.
එමඟින් මාසිකව ඉන්ධන ලීටර් 9,200,000ක් සහ වාර්ෂිකව ලීටර් මිලියන 110ක් පමණ ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දී ඇත.
ඒ අනුව, අදාළ නිලධාරීන් සහ රියදුරන් දැනුවත් කර ආයතන මට්ටමින් ඉන්ධන ඉතිරි කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.
