ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
March 25, 2026 06:53 am
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව සඳහන් කරයි.
අදාළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ද ඉරානය විසින් එම ඒජන්සිය දැනුවත් කර ඇත.
