ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය ඇමති වටගල කියයි

ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය ඇමති වටගල කියයි

March 25, 2026   01:06 pm

ශ්‍රී ලංකාවට මත්කුඩු සපයන ප්‍රභල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටන එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ කළු බිස්නස් එකේ අංග දෙකක් තියෙනවා. එකක් සැපයුම් ජාලය. අනිත් එක ඩිමාන්ඩ් එක. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් අරන් එනවා. ඒ ගන්න එක මෙහෙ ඉන්න තරුණයෝ පාවිච්චි කරනවා. ඉතින් අපි කල්පනා කරා මේ ඩිමාන්ඩ් එක නැති කරන්න. මේ සැපයුම් ජාලයට කලින් ආණ්ඩු අත ගැහුවේ නෑ. හැබැයි වත්මන් ආණ්ඩුව තීරණයක් ගත්තා සැපයුම් ජාලය නැමති දාමයේ ඉහළම පුරුක්වලට යන්න ඕනේ. මේ පුරුක් වෙරළෙන් නතර වුණා. මේ පුරක් ගුවන් තොටුපොළෙන් නතර වුණා. අපේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන්දුනීසියාවට, නේපාලනයට, පාකිස්තානයට ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා ප්‍රබලතම සැපයුම්කරුවන් 29ක් අපේ අතේ තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවෝ පාපොච්චාරණය කරනවා. එතකොට සමහර අය කලබල වෙලා නම් තියෙනවා.

Easy Money හොයන්න භාවිත කරන බිස්නස් එකක් මේක. අපි දන්නවා මේකට බිස්නස් තුනක් සම්බන්ධයි. මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාතාලයක් තියෙනවා. පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමස්ත මේ කළු බිස්නස් එක වෙලාගෙන ඉන්නවා. මේක වැඩුණේ දේශපාලන අධිකාරිය පිටුපස හිටියා. දියවන්නාව තමා මේක පෝෂණය කළේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මේ කළු බිස්නස් එක හරහා එන සල්ලිවලින්.”