ඉරානයේ නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි 

ඉරානයේ නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි 

March 26, 2026   04:31 pm

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza 
Tangsiri) මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. 

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඔහු විසින් කරන ලද්දක් බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර ඇති බව අදාළ වාර්තාවල දැක්වෙයි.  

එමෙන්ම ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් රැසක් ද අදාළ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 

කෙසේවෙතත් මේ සම්බන්ධ ඉරානය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස අලිරේසා තංසීරි පත් කෙරුණේ, 2018 වසරේදීය. 

2010 වසරේ සිට ඔහු නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේය.