ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ තීරණය ජනපති ට්‍රම්ප් දින 10කින් කල්දමයි

ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ තීරණය ජනපති ට්‍රම්ප් දින 10කින් කල්දමයි

March 27, 2026   06:21 am

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

සිය 'truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවය. එමෙන්ම දෙපාර්ශ්වය අතර සාකච්ඡා "ඉතා හොඳින් සිදුවන" බවත් ඔහු එහි සඳහන් කර ඇත.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර තිබුණි.

එවන් පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙලෙස දීර්ඝ කර ඇත.