දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගනී
March 27, 2026 03:25 pm
කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ මගී ප්රවාහන සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (27) ගිනි ගැනීමකට ලක්ව තිබේ.
පස්වරු 01.55ට පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ඉන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.
ගින්නෙන් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය ක්රියාත්මකය.
