කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බවට දැනුම්දීමක්
March 30, 2026 02:03 pm
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ගැන රජයේ විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයකට සිදුකරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබුණි.
