මඩකලපුවේ පාළු ළිඳකට සිද්ධියට ඖෂධහල් හිමිකරුවෙක් අත්අඩංගුවට

මඩකලපුවේ පාළු ළිඳකට සිද්ධියට ඖෂධහල් හිමිකරුවෙක් අත්අඩංගුවට

March 31, 2026   06:15 am

මඩකලපුවේ දී පාලු ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවීම හා එහි සිටි තවත් කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 49ක් වන වත්තල ප්‍රදේශයේ ඖෂධහල් හිමිකරුවෙක් වන අතර ඔහු කොක්කොඩිචෝල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරු ඊයේ (30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 03ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර කොක්කඩිචෝල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.