මාර්තු මාසයේ කොළඹ උද්ධමනය සියයට 2.2ක් දක්වා ඉහළට
March 31, 2026 05:20 pm
අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2% ක් දක්වා වැඩි වී ඇත.
එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 0.7% දක්වා වැඩි වී ඇති අතර 2026 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ 0.2 % ක් ලෙසයි.
එමෙන්ම, 2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර,2026 පෙබරවාරි මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වී තිබේ.
