වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
March 31, 2026 09:49 pm
පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවය.
මේ හේතුවෙන් මෙවර කන්නය සඳහා ජලය ලබා දීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
"ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වන විට පහළ මට්ටමක පවතින්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙනවා. ඒ නිසා මෙවර කන්නය සඳහා ජලය ලබා දීමට හැකියාව පවතිනවා. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ හැකියාව පවතින්න පුළුවන්. විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල. ඒ නිසා ජනතාව හැටියට ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන්න."
