මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 2, 2026   05:40 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත.

.......................................

UPDATE - 06.30 AM

ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළේය.

----------------------------------

UPDATE - 05.55 AM

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අද (02) උදෑසන ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ලද සිය පළමු ප්‍රහාර මාලාව පිළිබඳව නිවේදනය කර තිබේ.

ලෙබනන දේශසීමාවේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ දකුණු ලෙබනනයේ අයිනාටා නගරය වෙත ඇතුළු වූ ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි.