ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
April 2, 2026 02:09 pm
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (02) ප.ව. 2ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

