කාසල්රි ජලාශයේ ලොකුම දූපතේ ගින්නක් 

කාසල්රි ජලාශයේ ලොකුම දූපතේ ගින්නක් 

April 4, 2026   05:39 pm

ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ අද (04) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයට පහළින් වූ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව එම ජලාශයේ ධීවරයෝ පැවසූහ.

කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කළ හැකි බැවින් එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවට ධීවරයෝ චෝදනා කරති.

එම දූපත තුළ කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශාල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවත් කාසල්රි ජලාශයේ ධීවරයින් ඔවුහු ප්‍රකාශ කළහ.