අතුරුදන් වූ අමෙරිකානු  ගුවන් නියමුවා බේරා ගැනේ

අතුරුදන් වූ අමෙරිකානු ගුවන් නියමුවා බේරා ගැනේ

April 5, 2026   10:31 am

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි, අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එහිදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ද වාර්තා වේ. 

පසුගිය සිකුරාදා F-15E Strike Eagle යානය කඩා වැටීමෙන් පසු අමෙරිකාව විසින් ඉතා කඩිනම් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. 

එම කාලය තුළ ඉරානය ද නිවේදනය කර තිබුණේ සතුරු ගුවන් නියමුවා භාර දෙන ඕනෑම අයෙකුට ත්‍යාගයක් පිරිනමන බවය.

මුදාගත් ගුවන් නියමුවා තුවාල ලබා ඇති නමුත් ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවත්, ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටි බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම සම්බන්ධ වී ඇති අතර අමෙරිකානු හමුදාව ගෙවුණු පැය 24 පුරාම අදාළ ගුවන් නියමුවාගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බව ද සඳහන් වේ.

පෙබරවාරි අග භාගයේදී ආරම්භ වූ මෙම ගැටුමෙන් පසු ඉරාන භූමියට කඩා වැටුණු පළමු අමෙරිකානු යානය මෙය වේ.