නුවරඑළිය ප්‍රා.ස සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
April 7, 2026 01:49 pm
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
