උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

April 9, 2026   08:10 am

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු  පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 ස්ථීර ප්‍රතිසංස්කරණ කිරීමෙන් අද දින සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.